Homeසියලුම පුවත්අද සිට විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ – NSO

අද සිට විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ – NSO

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම හේතුවෙන් විදුලි සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වී ඇති බව එම සමාගම සඳහන් කරයි.පසුගිය 17 වැනිදා සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ අතර, ඒ සමඟ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය විය. එම තත්ත්වය හමුවේ විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිනකට පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.ඒ අනුව, ඔක්තෝබර් 19, 20 සහ 21 යන දිනවල දිවයින කලාප හතරකට බෙදා විදුලි කප්පාදුව සිදු කෙරිණි. කෙසේ වෙතත්, දෙවන ජනන යන්ත්‍රය යළි පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ අද සිට එම විදුලි කප්පාදු ක්‍රියාමාර්ග තවදුරටත් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments