මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.අද (28) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්රී 11.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.ඒ අනුව, එම දිස්ත්රික්කවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතී.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

