එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් සිද්ධියට අදාළ නඩුවේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා නොවැම්බර් 19 වැනිදා බන්ධනාගාරය හරහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (28) නියෝග කර තිබේ.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති මෙම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැනුම් දී ඇත්තේ, පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැමිණීමෙන් අනතුරුව ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.ඒ අනුව නඩුව යළි නොවැම්බර් 19 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය, එදින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් නියෝග කර තිබේ.

