බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇත.හොරණ, බැල්ලපිටිය ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුගේ සේවය ද පසුගිය 26 වනදා සිට අත්හිටුවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය ද අත්හිටුවීමට පියවර ගෙන ඇත.මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද අත්හිටුවා තිබේ.පසුගිය ඔක්තෝබර් 25 වනදා අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 29 හැවිරිදි පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති දෙදරු පියා පොලිස් භාරයේ සිටියදී මියගොස් තිබිණි.කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් භාරයේදී සිදුකළ බව කියන පහරදීම් හේතුවෙන් ඔහු මියගිය බවයි.

