බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල අද (31) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම හා ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද සඳහන් වේ.

