Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුගේ මාසික අවම ජීවන වියදම රු. 17,742ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුගේ මාසික අවම ජීවන වියදම රු. 17,742ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ජාතික දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකු සඳහා මසකට රුපියල් 17,742ක් දක්වා ඉහළ ගොස් තිබේ.දරිද්‍රතා රේඛාව ලෙස හඳුන්වන්නේ පුද්ගලයෙකුට මසක් තුළ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම වියදමයි. එම සීමාවට වඩා අඩු මාසික වියදමක් දරන පුද්ගලයෙකු දරිද්‍රතාවයෙන් පෙළෙන අයෙකු ලෙස සැලකේ.දිස්ත්‍රික්ක අනුව මෙම අගයන් වෙනස් වන අතර, සැප්තැම්බර් මාසයේ ඉහළම දරිද්‍රතා රේඛාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම අගය රු. 19,136කි. ගම්පහ දිස්ත්‍රික්කයේ එය රු. 19,037ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ රු. 18,624කි.අඩුම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය රු. 16,965කි. බදුල්ලේ රු. 17,238ක් සහ හම්බන්තොට රු. 17,315ක් ලෙස සටහන් වී තිබේ.පසුගිය වසර කිහිපය තුළ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද දත්ත පෙන්වා දෙයි.2012/13 වසරේදී රු. 5,223ක්ව පැවති ජාතික දරිද්‍රතා රේඛාව 2016දී රු. 6,117ක් දක්වාත්, 2019දී රු. 6,966ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි.2025 සැප්තැම්බර් මාසයේදී එය රු. 16,413ක් වූ අතර, 2026 සැප්තැම්බර් වන විට රු. 17,742ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.ඒ අනුව, 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව වසරක් තුළ දරිද්‍රතා රේඛාව ආසන්න වශයෙන් 8.1%කින් ඉහළ ගොස් ඇති අතර, 2019 වසරේ පැවති අගයට වඩා තුන් ගුණයකටත් වැඩි වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments