ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.08ක් දක්වා පහළ ගොස් තිබේ. එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 3.03%ක අඩුවීමකි.එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 94.77ක් දක්වා පහළ ගොස් ඇති අතර, එහි පහළ යාම 3.61%ක් ලෙස සටහන් වී තිබේ.

