Homeසියලුම පුවත්අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර තිබේ.එමෙන්ම, මෙතෙක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත.අදාළ පත්වීම් ලිපි අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම නිලධාරීන් වෙත භාර දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments