Homeසියලුම පුවත්WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට පැමිණෙයි

WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට පැමිණෙයි

බහමාස් ධජය යටතේ යාත්‍රා කරන WORLD ODYSSEY මගී නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.එම නෞකාව නොවැම්බර් 23 වැනිදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතය.නෞකාව සමඟ සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 524 දෙනෙකු පැමිණ ඇති අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය 181 දෙනෙකුගෙන් සමන්විත වේ.මෙම සිසුන්ගෙන් වැඩි පිරිසක් මහනුවර සහ දකුණු පළාතේ සංචාරක ප්‍රදේශ නැරඹීමට පිටත්ව ගොස් ඇති අතර, තවත් කණ්ඩායම් කොළඹ නගරයේ සංචාරය කරමින් සිටිති.මෙම නෞකාවේ විශේෂත්වයක් වන්නේ මුහුදේ යාත්‍රා කරන අතරතුරද ආචාර්යවරුන්ගේ දේශන සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නෞකාව තුළම සිදුකිරීමයි.එසේම, සිසුන්ගේ කණ්ඩායම් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක් වෙත රැගෙන යාමට ද වැඩසටහන් සංවිධානය කර තිබේ.මෙම සියලුම මගීන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණීම හේතුවෙන් රටට විදේශ විනිමය ඇතුළු ආර්ථික ප්‍රතිලාභ හිමිවන බව අමාත්‍යාංශය සඳහන් කරයි.එමෙන්ම හෝටල්, ප්‍රවාහන සේවා සහ අනෙකුත් සංචාරක ව්‍යාපාරවලට ද මෙම සංචාරයෙන් ආර්ථික වාසි සැලසෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments