Homeසියලුම පුවත්සුඛෝපභෝගී වාහන නඩුව - ජොන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

සුඛෝපභෝගී වාහන නඩුව – ජොන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් තීන්දුව අනුව,පළමු චෝදනාව: රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් මාසයක සිරදඬුවමක් නියම කර තිබේ.දෙවැනි චෝදනාව: රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත. එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමටද නියෝග කර තිබේ.තුන්වැනි චෝදනාව: රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments