Homeසියලුම පුවත්මහවිරු පවුල්වල වැඩිහිටියන්ට ගෞරව දැක්වීමේ වැඩසටහනක්

මහවිරු පවුල්වල වැඩිහිටියන්ට ගෞරව දැක්වීමේ වැඩසටහනක්

මුලතිව් දිස්ත්‍රික්කයේ මහවිරු පවුල්වල ජීවත්වන දෙමාපියන්ට ගෞරව දැක්වීමේ වැඩසටහනක් මුලතිව්, සෙම්මලෙයි ගම්මානයේදී පවත්වා තිබේ.මහවිරු සතියට සමගාමීව සංවිධානය කළ මෙම වැඩසටහනට මහවිරු පවුල්වල දෙමාපියන් පෙරහැරකින් කැඳවාගෙන විත් තිබේ. එහිදී යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ ඡායාරූප වෙත මල් පුදා පහන් දල්වා සැමරුම් සිදුකර ඇත.එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම සෑම වසරකම නොවැම්බර් මාසයේදී සිදුකරනු ලබන අතර, නොවැම්බර් 26 වැනිදා මහවිරු දිනය ලෙස නම් කර තිබේ.මුලතිව් දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments