Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 07කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනේ දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.ඊයේ (27) රාත්‍රී 9.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (28) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.ඒ අනුව, පළමු අදියරේ විමසිලිමත් වීමේ (කහ) අනතුරු ඇඟවීම නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙසේය.බදුල්ල දිස්ත්‍රික්කය- හල්දුම්මුල්ල- පස්සරකළුතර දිස්ත්‍රික්කය- පාලින්දනුවර- බුලත්සිංහලමහනුවර දිස්ත්‍රික්කය- යටිනුවර- තුම්පනේ- හතරලියද්ද- උඩපළාත- ගඟ ඉහළ කෝරළය- උඩුදුම්බර- දොළුව- උඩුනුවරකෑගල්ල දිස්ත්‍රික්කය- අරණායක- රුවන්වැල්ල- දෙහිඕවිට- මාවනැල්ල- බුලත්කොහුපිටිය- කෑගල්ල- ගලිගමුව- යටියන්තොට- රඹුක්කනමාතලේ දිස්ත්‍රික්කය- රත්තොටනුවරඑළිය දිස්ත්‍රික්කය- කොත්මලේ නැගෙනහිර- නිල්දණ්ඩාහින්න- කොත්මලේ බටහිර- නෝර්වුඩ්- අඹගමුව කෝරළය- තලවකැලේ- වලපනේරත්නපුර දිස්ත්‍රික්කය- කුරුවිට- කිරිඇල්ලඅදාළ ප්‍රදේශවල කඳුකර බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, බලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments