Friday, December 19, 2025
Homeදේශීයඅසාත්මිකතා ඇති කළ ඖෂධය නිපදවූයේ අපි නෙවෙයි – ඉන්දියානු සමාගමක් කියයි

අසාත්මිකතා ඇති කළ ඖෂධය නිපදවූයේ අපි නෙවෙයි – ඉන්දියානු සමාගමක් කියයි

රෝහල් කීපයකදී රෝගීන්ට අසාත්මිකතා ඇති වූ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කර ඇති ඉම්නොග්ලොබින් ඖෂධය තම සමාගම විසින් නිෂ්පාදනය කළ එකක් නොවන බවට ඖෂධයේ නම සඳහන් කර ඇති අදාළ ඉන්දියානු නිෂ්පාදන සමාගම විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිඛිතව දන්වා තිබේ.

ඒ අනුව එම සමාගම විසින් ඖෂධය මෙරටට ලබා දුන් බව කියන සැපයුම්කරුට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට තහවුරු කළ බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර පවසයි.

රෝහල් කිහිපයකදී රෝගීන්ට අසාත්මිකතා ඇති වූ ඉම්නොග්ලොබීන් ඖෂධය ආනයනය සඳහා සැපයුම්කරුවන්ට අනුමැතිය ලබාදී ඇතැයි යන සහතිකය ව්‍යාජ එකක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට දැනුමි දී ඇත.

මේ වනවිට මෙම ඖෂධය මෙරට තුළ භාවිතය අත්හිටුවා තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments