Monday, December 22, 2025
Homeදේශපාලනශ්‍රී ලංකාවට පැමිණීමට චීන නෞකාවට අවසර

ශ්‍රී ලංකාවට පැමිණීමට චීන නෞකාවට අවසර

චීනයේ “Shi Yan 6” නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මාසය තුළ අදාළ නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බවය.

ටීවි දෙරණ ඔස්සේ ඊයේ (09) රාත්‍රියේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – “Shi Yan 6” නෞකාවට ලංකාවට එන්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල අවසරය මේ වෙනකොට ලැබිලා ද තියෙන්නේ ?

“ඔවුන් අපෙන් අවසරය ඉල්ලුවා ඔක්තෝබර් මාසයේ දී එන්න. අපි කියලා තියෙන්නේ ඔවුන්ට නොවැම්බර් මාසයේ එන්න කියලා. ඊට පස්සේ ඔවුන් නැවත ඉල්ලලා තියෙනවා ඔක්තෝබර් අවසානයේ එන්න. නමුත් අපි මුල් ස්ථාවරයේම තමා ඉන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමන්ලාට පුළුවන්ද ඔක්තෝබර් එන්න ඇහුවහම නොවැම්බර්වල එන්න…එහෙම කේවල් කරන්න පුළුවන් ?

“චීනය ඉතාමත්ම වැදගත්. චීනය සමග ඉතාමත්ම වැදගත් සම්බන්ධතා රාශියක් තියෙනවා. නමුත් ඒහා සමානවම අපේ රටේ කරගන්න තියෙන දේවලුත් තියෙනවා. ඒ සියල්ල එක්ක අපි කියලා තියෙනවා එන්න ඕන කාලය. මේක ඉතා සරල කවුරු හරි ඇවිත් යන ගමනක් නෙමෙයි. ඒ කාලය තුළ සම්පූර්ණයෙන්ම මේ සඳහා මුහුණදීමට ලෑස්තිවෙලා ඉන්න ඕනේ. අපි සියලු සම්පත් ඒ සඳහා යෙදීමට හැකියාව තියෙනවා. අභ්‍යන්තර කරුණු බලලා තමා අපි දිනයක් දීලා තියෙන්නේ. නිදහස් රටක් හැටියට අපිට කියන්න පුළුවන් මොන කාලයේ දීද එන්න පුළුවන්ද ? බැරිද කියලා. එකඟවෙලා තමා ඒ කාර්ය කරන්න ඕනේ.”

RELATED ARTICLES

Most Popular

Recent Comments