සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධව මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.
එම පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු සිටින බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 37 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට රැගෙනවිත් තිබේ.
ඊට අමතරව ජාත්‍යන්තර පොලිස් සහයෝගය යටතේ තවත් පුද්ගලයින් 42 දෙනෙකු මෙරටට රැගෙනවිත් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

