Homeසියලුම පුවත්පරාටා ඇතුළු පිටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට

පරාටා ඇතුළු පිටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට

පරාටා, බිත්තර රොටි ඇතුළු පිටි ආශ්‍රිත කෙටි ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එමෙන්ම ඉඳිආප්පයක මිල රුපියලකින් සහ ආප්පයක මිල රුපියල් 2කින් ඉහළ දැමීමටද සංගමය තීරණය කර ඇත.

අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් කටයුතු කිරීමත් සමඟ මෙම මිල සංශෝධනය සිදුකර තිබේ.

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා රැස්වීමට නියමිතය.

එහිදී පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments