Homeසියලුම පුවත්ලංකාව ආසන්නයේ ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ලංකාව ආසන්නයේ ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව පැවසෙන ඉරාන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම නෞකා ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාවෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගකීමක් නොමැති බවත්, එම නෞකාවලට කිසිදු පහසුකමක් ලබා නොදෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.

මේ අතර, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව TankerTrackers වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වීම හේතුවෙන් මෙම නෞකා එම ප්‍රදේශයේ රැඳී සිටින බව සඳහන් වේ.

ඒ අතර ඉරාන ධජය සහිත ඉන්ධන නෞකා 13ක් පමණ සහ සම්බාධක මගහරින ‘ෂැඩෝ ෆ්ලීට්’ නෞකා කිහිපයක්ද සිටින බව එම වෙබ් අඩවිය පවසයි.

කෙසේ වෙතත්, අදාළ නෞකා මේ වනවිට ඉන්ධනවලින් තොරව පවතින බවද TankerTrackers සඳහන් කර තිබේ.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 19ක් පමණ දුරින් තිබූ අයිරිෂ් ඩේනා නෞකාවට ප්‍රහාරයක් එල්ල වී ගිල්වා දැමීමේ සිද්ධිය හේතුවෙන්, මේ වනවිට ශ්‍රී ලංකාව ආශ්‍රිතව රැඳී සිටින නෞකාවලටද ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතිය අනුව මධ්‍යස්ථ රටක භෞමික ජල සීමාව තුළ, එනම් වෙරළේ සිට නාවික සැතපුම් 12ක් දක්වා ප්‍රදේශයේ රැඳී සිටින නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට අවසර නොමැති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments