Saturday, January 24, 2026
Homeදේශපාලනගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනයක්

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහනයක්

ගංවතුරින් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000ක් ප්‍රදානය කර තිබේ.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත එම ජල බෝතල් භාර දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ වනවිට ගංවතුර තත්ත්වයත් සමග එම දිස්ත්‍රික්කවල ළිං සහ පානිය ජල මුලාශ්‍ර බොහෝමයක් අපවිත්‍ර වී ඇතැයි වාර්තා වේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රතුකුරුස ජාත්‍යන්තරයේ අවධානය ලබාගැනීමට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments