Monday, January 26, 2026
Homeදේශීයජනක රත්නායක ඝාතනයට ලක්‍ෂ 80ක කොන්ත‍්‍රාත්තුවක් පාතාලයට.. ඝාතනය අත්හිටුවන්නට ජනක ලක්‍ෂ 15ක්...

ජනක රත්නායක ඝාතනයට ලක්‍ෂ 80ක කොන්ත‍්‍රාත්තුවක් පාතාලයට.. ඝාතනය අත්හිටුවන්නට ජනක ලක්‍ෂ 15ක් කෑෂ් දෙයි.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ව්‍යාපාරික ජනක රත්නායක මහතාගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගෙන ඇත.

මෙම සිදුවීම පිළිබඳ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම කප්පම් මුදල ලබා දී ඇත්තේ ඔහුව ඝාතනය කිරීමට ලබාදී ඇති කොන්ත්‍රාත්තුවක් ඉටු නොකිරීම සඳහාය.

ඩුබායිහි සැඟව සිටින බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයෙකු අද පෙරවරුවේ දුරකථනයෙන් අමතා ඔහුව ඝාතනය කිරීමට ලක්ෂ 80 කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එය ඉටු නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බවත් දැනුම් දී තිබිණි.

එම ඇමතුම අනුව ජනක රත්නායක මහතා තම කාර්යාලයේ තිබූ මුදලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම පුද්ගලයන්ට ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments