Sunday, February 22, 2026
HomeදේශපාලනATA පෙත්සම් විභාගය අත්හිටවෙයි

ATA පෙත්සම් විභාගය අත්හිටවෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම්, විභාගයට නොගෙන එහි කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කථානායකවරයා නිවේදනයක් සිදු කර තිබෙන හෙයින් එම පනත් කෙටුම්පත පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බව විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නිවේදනය කර ඇත.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් ඇතුළු පිරිසක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments