Friday, December 19, 2025
Homeදේශපාලනමානුෂීය ආධාර වලට එරෙහිව අමෙරිකාවෙන් නිෂේධ බලය

මානුෂීය ආධාර වලට එරෙහිව අමෙරිකාවෙන් නිෂේධ බලය

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් සඳහා තාවකාලික විරාමයක් ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත්කර තිබූ යෝජනාවක් නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව කටයුතු කර තිබේ.      

බ්‍රසීලය විසින් කෙටුම්පත් කර තිබු එම යෝජනාවෙන් ඉල්ලා තිබුණේ මානුෂීය ආධාර ගාසා තීරයට යැවීම සඳහා එවැනි තාවකාලික විරාම ලබාදිය යුතු බවයි.
 
එම යෝජනාව සඳහා සාමාජික රටවල් 12ක් පක්ෂවූ අතර රුසියාව සහ බ්‍රිතාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments