Monday, January 26, 2026
Homeසියලුම පුවත්හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී

හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී

හසලක පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ සොයා ගනී

හසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන ඇත.

මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට මෙම ජීවඋණ්ඩ හමුවී තිබේ.

ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බව පොලීසිය පවසයි.

එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ලිපට දමා ඇත.

එහිදී උණ්ඩය පුපුරා ගොස් ඇති අතර නිවෙස් හිමියන් ඒ සම්බන්ධව පොලීසියට දැනුම් දී තිබේ.

පසුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අනෙක් දරුවන්ගේ නිවාසද පරීක්ෂා කර බැලීමෙදී දරුවන් සතුව තිබී මෙම ජීවඋණ්ඩ සොයාගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments