Friday, May 30, 2025
Homeදේශීයඅලි සංවිධායක අලි ගහලා මරුට!

අලි සංවිධායක අලි ගහලා මරුට!

අලි සංවිධායක අලි ගහලා මරුට!

එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය කියයි.

තම ගෙවත්ත අසලට පැමිණි අලියා අසල්වැසියකු සමග එළවද්දී මගට ගොස් ආපසු හැරී පිටුපසින් පැමිණි අලියා මෙම පහරදීම සිදුකළ බව මියගිය අය සමග අලි එළවීමට ගිය අසල්වැසියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

බරපතල තුවාල ලැබූ සාලිය රත්නායක මහතා මහදිවුල් වැව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දී ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණි.
#elakirinews

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments