Monday, January 26, 2026
Homeසියලුම පුවත්දැන් ඩොලර් එක 300යි! පොහොර ගේන්න වෙන් කළේ බිලියන 35යි! කොහොමද මේ...

දැන් ඩොලර් එක 300යි! පොහොර ගේන්න වෙන් කළේ බිලියන 35යි! කොහොමද මේ අය වීවලට 120ක් මිල නියම කළේ?

දැන් ඩොලර් එක 300යි! පොහොර ගේන්න වෙන් කළේ බිලියන 35යි! කොහොමද මේ අය වීවලට 120ක් මිල නියම කළේ?

මෙම කන්නයේ වී අස්වන්න මිලට ගැනීම සඳහා රුපියල් බිලියන 325 ක් අවශ්‍ය බවත් රජය රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර පාට් දමමින් සිටින බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

මෙවර මෙට්‍රික් ටොන් බිලියන 26ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් දේශපාලනඥයින් තම නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න සහල් මාෆියාව කියා චෝදනා නඟන බවද ඔහු පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේ ඩොලරය පහළ අගයක තියෙද්දී පොහොර සදහා රුපියල් බිලියන 42ක් වෙන්කර ඇති බවත් අද ඩොලරය 300 වෙද්දී වෙන් කර ඇත්තේ බිලියන 35ක් පමණක් බවත් ඔහු පැවසුවේය.

කොළඹ සංවිධානය කර තිබූ පශ්චාත් අයවැය සංවාද සභාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments