“මම හිතන්නේ අධ්‍යාපනයේ අරමුණ පුළුල් විදිහට අපි හිතන්න ඕනේ. අධ්‍යාපනයේ එකම අරමුණ රැකියා වෙළෙඳපොළට සූදනම් කරන එක නෙමෙයි. අපි ගොඩක් අය හිතනවා පාසල හෝ විශ්වවිද්‍යාලය තුළ සෘජුවම රැකියාවකට පුහුණු වෙන්න ඕනේ කියලා. අපි අධ්‍යාපනය හදන්න ඕනේ රැකියා වෙළෙඳපොළට සපයන පුද්ගලයා ගැන හිතලා විතරක් නෙමෙයි සමාජයට අවශ්‍ය මොනවගේ කෙනෙක්ද කියන එක ගැන අපි හිතන්නත් ඕනේ. තමන් ගැන විශ්වාසය තියෙන, විශ්වාසයෙන් ඒක සමාජයට ගිහිල්ලා හොයාගෙන යන්න පුළුවන් දැනුම හොයාගෙන යන්න පුළුවන්, දැනුම අත්අපත් කරගන්න පුළුවන්, අන්න එහෙම පුද්ගලයෙක් තමයි අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ බිහිකරන්න පුළුවන් වෙන්නේ. එතකොට එළියට ගිහිල්ලා තව කවුරු හරි කොහෙද මට රැකියාවක් දෙන්න කියලා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ රැකියා අවස්ථාව සහ ආර්ථිකයට සහභාගී වෙන්න පුළුවන් විදිහ හදාගන්න පුළුවන් කෙනෙක් තමයි අපි නිර්මාණය කරන්නේ.”
අධ්‍යාපනයේ අරමුණ ගැන කියන අගමැතිනිය
0
208
RELATED ARTICLES
