Sunday, December 21, 2025
Homeදේශීයඡන්ද කට මුල තියා රනිල් එක්ක ජෝඩු දාලා ගිය ගම්පහ සජබ මන්ත්‍රී...

ඡන්ද කට මුල තියා රනිල් එක්ක ජෝඩු දාලා ගිය ගම්පහ සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට එරෙහිව ගම්පහ සංවිධායකවරු කැරැල්ලක් ගහයි! රනිල් එක්ක ඩීල් දාන මන්ත්‍රීවරු අපිට එපා!

පසුගියදා වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් පැවැති වැඩසටහනකට කාවින්ද ජයවර්ධන මහතාද එක්ව සිටියේය.

පසුගිය කාලයේදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර හමුවී ඇති බවත්, ඔහු සමග විවිධ සාකච්ඡා සිදුකොට ඇති බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා වෙත පසුගිය සතියේ දුරකතන ඇමතුම් ලබා දී ඇති ගම්පහ සජබ ආසන සංවිධායකවරුන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ කාවින්ද ජයවර්ධන මහතාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවකි.

එමෙන්ම අයුරින් වික්‍රමසිංහ මහතා සමග ඩීල් දමන ආසන සංවිධායකවරුන් මීගමුවට අනවශ්‍ය බවත්, වහාම වෙනස් ආසන සංවිධායකවරයකු මීගමුවට පත්කරන ලෙසත් එම ආසන සංවිධායකවරු විපක්ෂනායකවරයා වෙත දැනුම් දී ඇත.

විශේෂයෙන්ම එජාප ප්‍රධානීන් පවා සහභාගී වී නොමැති මෙම උත්සවයට කාවින්ද ජයවර්ධන මහතාට යාමට ඇති අවශ්‍යතාවය කුමක්ද යනුවෙනුත් සංවිධායකවරුන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කොට ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments