අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (06) අත්හිටවූ සිර දඬුවම් හා මිලියන 25ක දඩයක් නියම කළේ ය.
ඒ, 2015 වසරේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගත්තේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවක එක් චෝදනාවකට ඔහු වරදකරු කරමිනි.
ප්‍රසන්න රණතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සිර දඬුවම වසර 5 කට අත්හිටවනු ලැබී ය.