Monday, October 27, 2025
Homeදේශීයවිෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කරන ‘රටම එකට’ ජාතික මෙහෙයුම 30 දා ඇරඹේ--සියලු...

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කරන ‘රටම එකට’ ජාතික මෙහෙයුම 30 දා ඇරඹේ–සියලු දෙනාම සහය දෙන්න ජනපති ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ සමාරම්භක උළෙල ලබන 30 වෙනිදා පෙ’ව’ 10’00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්” විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවට එක් වෙමින් පැවසීය.

මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය” කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇත.

එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම. ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම පසුගිය සමයේ දේශපාලන රශ්මි කදම්භය තුළ නිදැල්ලේ වර්ධනය වූ මෙම අපරාධ අද රටත් සමාජයත් දැඩිව වෙළාගෙන තිබෙන අන්දම සහ ඊට පොලිසිය” රේගුව” මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව” ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුඵ රජයේ වගකිවයුතු ආයතනවලින් ලැබී ඇති සහාය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සියලු දෙනා වෙත පැවරී ඇති අත්හළ නොහැකි වගකීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments