Wednesday, October 29, 2025
Homeදේශීයඅස්වැසුම හැමෝටම දෙන්න එපා...

අස්වැසුම හැමෝටම දෙන්න එපා…

“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන සහ නිවැරදි දත්ත පද්ධතියක් තිබීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමටද ඔවුහු සුදානම් බව පවසන ලදි.

මෙම අදහස්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ලෝක බැංකු නියෝජිතයින් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැත්වූ රැස්වීමේදී ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) මහත්මීහු සහභාගී වූහ.

රැස්වීමේදී ලෝක බැංකු නියෝජිතයින් සමාජ ආරක්ෂණයට දත්ත පද්ධතියක් සකස් කිරීමෙන් දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හඳුනාගත හැකි බව අවධාරණය කළහ. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියකට පුරවැසියන්ගේ තොරතුරු ඇතුළත් කළ පමණින් ඔවුන් අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබෙන බව නොදැක්විය හැකි බවද ඔවුහු පැවසීය. ඒ වෙනුවට, ඇතුළත් කර ඇති දත්ත පරික්ෂා කිරීමෙන් අවශ්‍ය පිරිස් නිවැරදිව හඳුනාගැනීම කළ හැකි බවත්, මෙය රටට ඵලදායී ආයෝජනයක් බවද ඔවුහු තවදුරටත් අවධාරණය කළහ.

රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “අස්වැසුම” ප්‍රතිලාභ ලබාදීමේදී ඇති ගැටලු පිළිබඳ අදහස් දැක්වීය. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන් ග්‍රාමීය කමිටුවක් මගින් තෝරා ගැනීම සහ තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නම් ග්‍රාමය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් විනිවිද භාවය තහවුරු කළ හැකි බවත් මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් පැවසුහ.

එමෙන්ම, “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරීහු, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්වරුන්ට ප්‍රමාණවත් තොරතුරු නොලැබීම නිසා යම් බාධාවන් මතුව තිබේ. වර්තමානයේදී ඔවුන්ගේ භූමිකාව පිළිබඳ නිසි දැනුවත් කිරීමෙන් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාගැනීමට සැලසුම් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments