Wednesday, October 29, 2025
Homeදේශීයඅධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි අනිවාර්ය කරයි

අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි අනිවාර්ය කරයි

අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම පිළිබඳ නව නියෝගයක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත.

වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරමින්, මෝටර් වාහන පනත යටතේ සාදා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිවේගී මාර්ගවල රථවාහන අනතුරු දිනෙන් දින වර්ධනය වන බවත්, මරණ සහ බරපතළ තුවාල සිදුවීම් අවම කිරීමේ අරමුණින් මෙම නියෝග සංශෝධනය කරන ලද්දේ 2025 සැප්තැම්බර් 25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින්ය. ඒ අනුව, අංක 2455/29 සහ 2011 අංක 2 යටතේ ඇති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින්, සියලුම ආසනවල මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments