පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුව හමුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධ වර්තමානය වන විට ගැටලු ගණනාවක් පැන නැගී ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පොලිස් පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවනලෙස විපක්‍ෂය කථානායකවරයාට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පසුගිය දිනවල සිදුකර ඇති ප්‍රකාශ ගැටලු සහගත බවත් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක හා සමාන ආරක්ෂාවක් ලබාදිය යුතු බවත් විපක්ෂයේ ස්ථාවරය වී ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආරක්ෂාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට දෙයාකාරයකට සැලකිය යුතු නැති බව සඳහන් කළේය
