Thursday, October 30, 2025
Homeදේශීය21 විපක්ෂයේ රැලිය වර්ජනය කරනවා … දිලිත් ජයවීරත් කියයි !

21 විපක්ෂයේ රැලිය වර්ජනය කරනවා … දිලිත් ජයවීරත් කියයි !

නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැලියට සර්ව ජන බලය පක්ෂය ද සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට පෙර සමගි ජන බලවේගය ද මෙම රැලිය වර්ජනය කරන බව ප්‍රකාශයට පත් කර තිබුණි.

සර්ව ජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසන්නේ, සාකච්ඡාවකින් තොරව මතුපිටින් ගෙන හදන්න හදන කිසිම විපක්ෂයක් ඒකාබද්ධ හෝ ඒකාබද්ධ නොවී සාර්ථක වන්නේ නැති බවයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සර්ව ජන බලය පක්ෂ කාර්යාලයේ ඊයේ ( 29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, විපක්ෂය ලෙස තමන් ජනතාවට ඉදිරිපත් කරන විසඳුම, වැඩපිළිවෙළ සහ ඒ පිටුපස තිබෙන ක්‍රියාමාර්ග පැහැදිලි කළ යුතු බවයි.

“මොකක්ද අපි ඉදිරිපත් කරන විසඳුම, වැඩපිළිවෙළ? ඉන් කොහොමද තාර්කිකව ජනතාවගේ ජන ජීවිතය වෙනස්වී දරිද්‍රතාවය නැතිවී දියුණු රටක් බවට පත් වෙන්නේ කියලා. මේ සංවාදයක් නැතුව අපි නැවත වරක් මේ මහ පොළොවේ පස් කාගෙන කෑ ගැහුවාට වැඩක් නෑ.”

ඒ මහතා අවධාරණය කළේ, රජයේ මර්දනකාරී වැඩපිළිවෙළ සහ ව්‍යවස්ථාපිත මර්දනය පරදවා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට අවශ්‍ය නම්, විශ්වාසයක් තිබෙන කවුරු හෝ සිටීනම් අවම කොන්දේසි මත එක ලකුණකින් තරග කිරීමට වැඩපිළිවෙළක් යෝජනා කළ යුතු බවයි.

“සද්භාවයෙන් කටයුතු කරනවා නම් අපි එක ලකුණකින් තරග කරනවා. හැබැයි ඒකාබද්ධ නෙවෙයි” යනුවෙන් ද ඔහු පැවසීය.

යෝජිත රැලිය වර්ජනය කිරීමට හේතුව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, “රෑට එතැන ඉඳලා දවල්ට මෙතැන ඉඳලා ආයෙමත් රෑට එතැන්ට ගිහින් කතා කර ඒ ගුලි කන්න අපට බෑ” යැයිද සඳහන් කළේය.

ආණ්ඩුව “ඒකාබද්ධ විපක්ෂය” නමින් එකක් හදා එය ගෝනියක දමා පොළොවේ ගසා විපක්ෂයක් නැති කර චණ්ඩි වගේ ඉල්ලන්න උත්සාහ කරන බවටද ඒ මහතා චෝදනා කළේය.

මෙවැනි පසුබිමක් තුළ, පණට ආදරයක් තිබෙන ආණ්ඩුවක් නම් පළාත් සභා තියන්නේ නැති බව පැවසූ ඔහු, “ඒ අවස්ථාව නිර්මාණය වෙන්න සර්වජන බලය අපි දෙන්නේ නෑ, පළාත් සභා තිබ්බත් ඊට අවස්ථාව දෙන්නේ නෑ” යැයි  කියා සිටියේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments