Friday, November 14, 2025
Homeදේශීයඉල්ලපු හැමෝටම ආරක්ෂාව දෙනවා –පොලිස්පති

ඉල්ලපු හැමෝටම ආරක්ෂාව දෙනවා –පොලිස්පති

ආරක්ෂාව ඉල්ලා සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එකඟතාවය පළ කර ඇත.

පොලිස්පතිවරයා මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (31) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවසම්බන්ධව සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.

සාකච්ඡාවට පොලිස්පති.කථානායක සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සහභාගීව ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති තර්ජන මෙන්ම මන්ත්‍රීවරු මුහුණපා සිටින අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දී තිබේ.

ඒ අනුව ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා මෙන්ම කථානායකවරයාද එකඟතාව පළ කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments