යාපනය ඩෙෆ්ට් මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝ 185 ග්‍රෑම් 600ක් පමණ සොයාගෙන ඇති අතර එහි දළ වීථි වටිනාකම රුපියල් මිලියන 41කට වැඩි බවද සඳහන් වේ.
මෙම මෙහෙයුම “රටම එකට” ජාතික මෙහෙයුම හා “මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්” යන දැක්මට අනුකූලව ක්‍රියාත්මක කරන ලද්දකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 30 වන අතර, ඔවුන් යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුන් බවද නාවික හමුදාව සඳහන් කළේය.
සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙෆ්ට් පොලිස් ස්ථානයට භාර දී තිබේ.
කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

