Tuesday, February 17, 2026
Homeweatherඅද කාලගුණය

අද කාලගුණය


අද (02) පස්වරු 2.00න් පසුව සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනුව දිවයිනේ අනෙක් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් පවතින්නට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය අවධානය ලබා ගැනීමටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments