පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් භෝගවලට සිදුවූ හානිය පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සක්‍රීයව ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය නිවේදනය කරයි.
2025/26 මහ කන්නය සඳහා වී බිම් සැකසීම ආරම්භ වී ඇති අතර, මේ වනවිට විශාල හානියක් වාර්තා වී නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.
බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා වැනි අනෙකුත් භෝගවලට සිදුවූ හානිය දිස්ත්‍රික් නිලධාරීන් මගින් ඇස්තමේන්තුගත කරමින් පවතින බවත්, තවදුරටත් තොරතුරු රැස් කර සහන සැලසුම් සකස් කරන බවත් මණ්ඩලය පවසයි.
රජය විසින් වී වගාවට හානි සිදුවූ විට හෙක්ටයාරයකට රු. 100,000ක් බැගින් (උපරිම අක්කර 5ක් දක්වා) සහ අනෙකුත් භෝගවලට අක්කර 2.5ක් දක්වා නොමිලේ වන්දි ගෙවීම් සිදු කරන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
වර්ෂාව හේතුවෙන් වගා හානි සම්බන්ධයෙන් කෘෂිකාර්මික මණ්ඩලය සක්‍රීයව

