Friday, November 14, 2025
Homeදේශීයරු.100 වතුර බෝතලය රු.140ට විකුණුවාට ලක්ෂ 05ක දඩයක්

රු.100 වතුර බෝතලය රු.140ට විකුණුවාට ලක්ෂ 05ක දඩයක්

පාරිභෝගික සේවා අඥාපනත උල්ලංඝනය කරමින් භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට එකතුව රුපියල් 743,000ක දඩ මුදලක් නියම කර තිබේ.

ඒ, අධික මිලට භාණ්ඩ විකිණීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීමේ චෝදනා මතය.

නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකට අනුව මෙම නඩු ගොනු කර ඇති අතර, නඩු නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහතා හමුවේ කැඳවා තිබුණි.

දඩ මුදල් ගෙවූ අය අතර රු.100ක් වටිනා ලීටර් 1ක වතුර බෝතලයක් රු.140ට අලෙවි කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම වී ඇති අතර, පාලන මිල ඉක්මවා සහල් විකිණූ වෙළෙන්දන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක බැගින් දඩ මුදල් නියම කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments