Tuesday, February 17, 2026
Homeදේශීයරජයේ මුළු ආදායමේ 24.7% ක වර්ධනයක්

රජයේ මුළු ආදායමේ 24.7% ක වර්ධනයක්

මේ වසරේ (2025 ) පළමු මාස හයේ දී රජයේ මුළු ආදායම රු. බිලියන 460.5 කින් වර්ධනය වී ඇත.


මෙය ගිය වසරේ ( 2024 ) පළමු මාස හයේ දී ලද රජයේ මුළු ආදායමට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ 2025 වසරේ, වසර මැද රාජ්‍ය  මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ දැක්වේ.

මේ අනුව රජයේ මුළු ආදායම ගිය වසරේ ( 2024 ) පළමු මාස හයේ දී පැවති රු. බිලියන 1864.6 සිට මේ වසරේ (2025 ) පළමු මාස හයේ දී රු. බිලියන 2325,1 දක්වා වර්ධනය වී තිබේ

මෙම රජයේ මුළු ආදායමට, බදු ආදායම සහ බදු නොවන ආදායම සහ ප්‍රදාන අයත් වේ.මේ රාජ්‍ය ආදායම රු. බිලියන 4990.0 ක්
වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 46.6 ක ආදායම් ලඟා කර ගැනීමක් වේ

RELATED ARTICLES

Most Popular

Recent Comments