Friday, November 14, 2025
Homeදේශීයවීදි සුනඛයන් හා සුරතල් සතුන් වෙනුවෙන් අයවැයෙන් රු. මිලියන 100ක්

වීදි සුනඛයන් හා සුරතල් සතුන් වෙනුවෙන් අයවැයෙන් රු. මිලියන 100ක්

නාගරික ප්‍රදේශවල සුරතල් සතුන් ඇති කිරීම වැඩිවීමත් සමඟ, එම සතුන් මිය ගිය විට භූමදානය කිරීම හා ආදාහනය කිරීම ගැටලුවක් වී තිබේ.

ඒ හේතුවෙන්, ගෞරවනීය හා පාරිසරික වශයෙන් වගකිවයුතු විකල්ප සේවාවන් සඳහා ඉල්ලුම වැඩිවී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නා.

එමෙන්ම වීදි සුනඛයන් සහ අනෙක් සුරතල් සතුන් රැකබලා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සමග එක්ව ක්‍රමවත් වැඩපිළිවෙළක් සංවර්ධනය කිරීමට අවශ්‍ය බවත් අවධාරණය කරන ලදී.

ඒ අනුව, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන හරහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක් 2026 අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments