ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටි BYD වාහන 625ක් බැංකු සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද (11) නියෝග ලබා දී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ, අදාළ වාහන ආනයනය කළ පුද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ඇටෝ ප්‍රිමියම්, ඇටෝ ඩයිනමික්, ඩොල්ෆින් ඩයිනමික් වැනි කාණ්ඩවලට අයත් වාහන මෙම ඇපකර යටතේ මුදා හැරීමට එකඟ බවයි.
ඒ අනුව රේගුවේ භාරයේ රඳවා සිටි සියලුම BYD වාහන නීතිමය ක්‍රමවේදයන්ට අනුව මුදා හැරීමට නියෝග නිකුත් කර තිබේ.
රේගුවේ රඳවාගත් BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

