පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව, යුද හමුදා හිටපු බුද්ධි නිලධාරියෙකු වන කර්නල් කේ. එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වා පනවා තිබූ අතුරු තහනම් නියෝගය ජනවාරි 29 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළාය.
කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත මඩුල්ල මෙම තීරණය ලබා දුනි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, ඔහු දියතලාව යුද හමුදා පුහුණු පාසලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකු වන අතර, අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පමණක් මෙම පෙත්සම ගොනු කර ඇති බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, මෙම විමර්ශනයට අදාළ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති බවය.
අභියාචනාධිකරණය පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේ, විරෝධතා දෙසැම්බර් 11ට පෙර සහ ප්‍රතිවිරෝධතා ජනවාරි 14ට පෙර ගොනු කිරීමටද, එමෙන්ම පෙත්සම නැවත ජනවාරි 29 වනදා කැඳවීමටද බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් – යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම දිගුවට

