2026 අයවැය දෙවන වර කියවීමේ විවාදයට අද (14) පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පස්වරු 6ට මෙම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර, අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අයවැය විවාදය දෙසැම්බර් 5 දක්වා දිවෙන අතර, තෙවන වර කියවීමේ ඡන්ද විමසීමද දෙසැම්බර් 5 පස්වරු 6ට පවැත්වීමට නියමිතය.
රජයේ නිවාඩු සහ ඉරිදා හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.
මේ අතර, අද ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගය ප්‍රකාශ කර ඇත

