තණමල්විල බටුවැව ප්රදේශයේ දී අනවසර පුරාවස්තු සෙවීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව කැණීම් කිරීම සඳහා භාවිත කළ උපකරණද සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයා වයස අවුරුදු 52ක් වන සූරියආර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පුරාවස්තු සෙවීමට කැණීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

