Tuesday, March 3, 2026
Homeදේශීයපාසල් වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV පද්ධති අනිවාර්ය වෙයි

පාසල් වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV පද්ධති අනිවාර්ය වෙයි

පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත්, එම තත්ත්වය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ඉදිරියේදී ගන්නා බවත් ය.

එමෙන්ම, පාසල් ප්‍රවාහන සේවා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා මාර්ගෝපදේශ මාලාවක් ජනවාරි මාසයේ සිට හඳුන්වා දීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “කාන්තාවකට හරි දරුවෙක්ට හරි අතවරයක් සිදු කිරීමට උත්සාහ කරන අය නම් එය නොදැක්කා වගේ ඉන්නේ නැහැ. ඒ සඳහා එරෙහිව ක්‍රියා කරන මිනිස්සු අවශ්‍යයි. බස් කර්මාන්තය වෘත්තීයමය මට්ටමට ගෙන යාමෙන් මගීන්ගේ ආරක්ෂාව වැඩි කළ හැකි අතර, අපේ උත්සාහය එම අරමුණ ඉටු කිරීමට ය.”

RELATED ARTICLES

Most Popular

Recent Comments