ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24) උදෑසන පරාජයට පත්විය.
සභාපති හර්ෂ රත්නායක මහතා කිසිදු සංශෝධනයකින් තොරව අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර, ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ අනුව අයවැය දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 04කින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන දිනටත් පරාජයට පත්විය.
මාලිමාවට බලය හිමි කන්දෙකැටිය අයවැය දෙවන වරටත් පරදී

