Friday, December 12, 2025
Homeදේශීයවිපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක්

විපතට පත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පිරිසට ගෞරව දැක්වීම සඳහා අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරත විය.

පසුගිය දිනවල නායයෑම්, ගංවතුර සහ තද සුළං හේතුවෙන් මරණයට පත් වූවන් සිහිපත් කිරීම සඳහා විපක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලීම ඉදිරිපත් කළේය.

ඒ අනුව ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට පාර්ලිමේන්තු සැසිය තුළ විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත වූහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments