රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් ඉන්දියාවේ පැවති සාකච්ඡාවකදී යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය බව තමන් පෙන්වන කොන්දේසි නැවතත් සදහන් කළේය. ඔහු පවසා සිටියේ, ඩොන්බාස් කලාපය රුසියාව “බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින්” ලබා ගන්නා බවත්, යුද්ධය නතර වීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතු බවත්ය.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, යුද්ධය අවසන් කිරීමට තමන්ට අවාසි වන සම්මුති කිසිවක් රුසියාව අනුමත නොකරන බවයි.
පුටීන් පැවසුවේ:
“අපි ඩොන්බාස් බලහත්කාරයෙන් ලබාගන්නවා. එසේ නොවීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතුයි.”
දැනට ඩොන්බාස් ප්‍රදේශයේ 85%ක පාලනය රුසියාව සතු වන අතර, ඉතිරි කොටස යුක්‍රේන හමුදා සතුය.
මෙයට ප්‍රතිචාර ලෙස යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, ඕනෑම භූමියක් අත්හැර දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඩොන්බාස් හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක් රුසියාවට ලබාදීමට සූදානම් නොවන බව පැවසයි.
යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කරන හැටි පුටීන් ඉන්දියාවේ දී කියයි

