ආපදා බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනයට දැඩි හානියක් සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, රට පුරා බිත්තර දමන කිකිලියන් ලක්ෂ තිහක් (3,000,000) පමණ මරණයට පත්ව ඇති බවයි. මේක හේතුවෙන් වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමත්, ඉදිරියේදී දිවයින පුරා බිත්තර හිඟයක් ඇති වීමේ අවදානමත් පවතින බව ඔහු කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, නත්තල් සහ නව වසරේ උත්සව සමය තුළ වසරේ කේක් අලෙවියේ ප්‍රමාණයක් සිදු වන නිසා, බිත්තර හිඟයක් මතු වුවහොත් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බරපතල බලපෑමකට ලක්විය හැකි බවයි.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිටි, සීනි, බිත්තර සහ මාගරින් අතර බිත්තරය අත්‍යවශ්‍ය මූලික අමුද්‍රව්‍යක් වන අතර, හිඟයක් මතු වුවහොත් මිල ඉහළ යාම හෝ කර්මාන්තය නතර වීම වැනි තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු අවධාරණය කළේය.
ජයවර්ධන මහතා රජයට ඉල්ලීම කරන්නේ, පවතින තත්ත්වය ඇගයීම සහ බිත්තර හිඟය පාලනය සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

