Saturday, January 31, 2026
Homeසියලුම පුවත්රු.1.8 බිලියන අලාභ වන්දිය ගෙවන්න කබ්රාල් එකඟ නොවෙයි

රු.1.8 බිලියන අලාභ වන්දිය ගෙවන්න කබ්රාල් එකඟ නොවෙයි

බස්නාහිර පළාත්බද මහාධිකරණය අංක 06 හිදී මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතා ඉදිරියේ විභාග වූ HCB 303/24 දරණ නඩුව 2025 දෙසැම්බර් 10 වන දින අවසන් කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු චූදිතයින් සිව්දෙනාම නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇත.

මෙම නඩුවට අදාළව, අල්ලස් කොමිසම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීක බැඳුම්කරවල සිදු කළ ආයෝජන හරහා රු.1,843,267,595.65ක අලාභයක් සිදුව ඇති බවට ගණනය කර තිබුණි. එම මුදල මාස තුනක් තුළ වන්දියක් ලෙස මහ බැංකුවේ ගිණුමකට ගෙවීමේ කොන්දේසියකට එකඟ නොවන බවත්, වරදක් පිළිගැනීමක් සිදු නොකරන බවත්, එය සාමුහික තීරණයක් බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතිඥ ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී ඇත.

එසේම, මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක කිසිදු ගෙවීමක් කිරීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා එකඟ වී නොමැති බවද ඔහුගේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

Copied from

https://www.facebook.com/share/p/1Afpc6uWGV/?mibextid=wwXIfr
RELATED ARTICLES

Most Popular

Recent Comments