Thursday, March 5, 2026
Homeweatherමහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන

මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙම නිවේදන අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

ඒ අනුව මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව අවදානයෙන් සිටින ලෙසද, බදුල්ල, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව විමසිලිමත් වන ලෙසද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, උඩුදුම්බර, මැදදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය: වලපනේ, හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

මහනුවර දිස්ත්‍රික්කය: ගගවට කෝරළය, පාතහේවාහැට, අකුරණ, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගෙ කෝරළය, හතරලියද්ද, කුණ්ඩසාලේ, උඩුනුවර, දෙල්තොට, පාතදුම්බර, පන්විල, උඩපළාත, මිණිපෙ, ගග ඉහළ කෝරළය

කුරුණෑගල දිස්ත්‍රික්කය: රිදීගම

නුවරඑළිය දිස්ත්‍රික්කය: නුවරඑළිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය: බදුල්ල, හපුතලේ, හාලි ඇල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, සොරණාතොට, හල්දුම්මුල්ල

මාතලේ දිස්ත්‍රික්කය: නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ලග්ගල පල්ලේගම

කුරුණෑගල දිස්ත්‍රික්කය: පොල්ගහවෙල, අලව්ව, මාවතගම, මල්ලවපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය: තලවකැලේ, නෝර්වුඩ්, අඹන්ගමුව කෝරලේ, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අදාළ ප්‍රදේශවල ජනතාවට නායයෑම් අවදානම සම්බන්ධයෙන් අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමටත්, නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුගමනය කිරීමටත් දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments